1903 වර්ෂයෙහි ආරම්භ කර මේ වන විට සියවසකට වැඩි කාලයක් රටේ සිසුනට අධ්‍යාපන තෝතැන්නක් වූ විදු පියස අප රටට දායාද කළ බුද්ධිමතුන් පිරිස අතිමහත්ය. විශ්ව විද්‍යාලය සදහා යොමුවන දරුවන්ගේ ද වැඩි ප්‍රවණතාවයක් ඇත. මා ඇතුලු පාසලේ ගුරු මණ්ඩලය අනාගතයට වැඩදායි දරු පරපුරක් බිහි කිරීමේ තෝතැන්නකට අවැසි ශක්තිය ලබා දීමේ අරමුණින් යුක්තව ක්‍රියාකරමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.