අංකුඹුර පරාක්‍රම ජාතික පාසල

පාසලේ ඉතිහාසය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG-20240907-WA0001.jpeg

කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත .

වර්ෂ 1903 මැයි 01 වැනි දින අංකුඹුර ප්‍රදේශයේ දැනට පාසල පවතින  භූමියේම පොල් අතු  මඩුවක ආරම්භ වූ පාසලේ ආදි කතෘ වූයේ එ.ජි.ඩොමින්ගේ මහතාය. පාසලේ මුල් ගුරුවරුන් සංඛ්‍යාව තුන්දෙනෙකි. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස පිංහාමි සිසුවා පාසලට බදවාගෙන ඇති ආරම්භක ශිෂ්‍ය  සංඛ්‍යාව 13 දෙනෙකි. පසුව ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී  පාසල සදහා නව ගොඩනැගිල්ලක් ද  ප්‍රදේශයේ දානපතියෙකු වූ විසින්  ඉදිකර පරිත්‍යාග කිරිමට කටයුතු කර තිබේ.  එසේම සිසුන්ට  1961 ජුනි 01 දින පාසල රජයට පවරාගෙන මහා විද්‍යාලයක් බවට පත් කිරිමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පාසල පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් ද පාසලට එකතු විය.
ඉන් පසු  ජේ.ආර්. ජයවර්ධන  ජනාධිපතිතුමන් විසින්   1980 මාර්තු 26 දින අප පාසල  මධ්‍ය මහා විද්‍යාලක් බවට පත් කිරිම අප පාසලේ හැරවුම් ලක්ෂයකි. ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට 1982 වසරේ සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

වර්ෂ 1994 පෙබරවාරි  14 දින ලංකාවේ පවතින සිමිත ජාතික පාසල්  අතරට පත්විමට අප පාසලද වාසනවන්ත වේ. ඉන් පසු යුගය  විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර වාණිජ අංශය, කලා අංශය,  ඉංග්‍රීසි අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2022  වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය , තොරතුරු  හා සන්නිවේදන තාක්ශනය 6,7, ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 63ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 10 කින් සමන්විතය. එක්දහස් දේසියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා පිරිපුන් ක්‍රියාශීලී රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2026 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.