අංකුඹුර පරාක්‍රම ජාතික පාසල

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG-20240907-WA0001.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඒ.ඒ.එම්.එස්. අමරසිංහ මිය

අනාගත පුරවැසියන් තනන මූලික සමාජ ඒකකය පාසලයි.මේ සඳහා සමාජ හා පාරිසරික බලපෑම  කොතෙකුත් පැවතුන ද හොඳ පාසලකින් දරුවා කෙරෙහි සිදු කරනු ලබන බලපෑම තීරණාත්මක වේ.පාසලේ මූලික කාරිය වන්නේ වර්තමාන පරම්පරාව සතු ඥානය , ශිල්ප ශාස්ත්‍රය සංස්කෘතිය හා මානව අත්දැකීම් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමයි.ඒ අනුව මාගේ පාසලේන්ල බාදෙන  අධ්‍යාපනය තුළින්,නිසි වැඩ ආකල්ප ඇති වෘත්තීය වශයෙන් අනාගතයේ පුහුණු කර ගත හැකි වෘත්තියකු,යහපත්,මනුෂ්‍යයකු,මෙන්ම ඵලදායි පුරවැසියකු තැනීම මූලික අරමුණයි.
                                                                                                                                         

විදුහල්පතිතුමා හා එක්ව වර්තමාන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව දරුවන් තුළ නිපුණතා ඔප්නංවාලමින් ජාතික  පොදු අරමුණු සාක්ෂාත් වන පරිදි පාසලේ සිසු දරුවන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය නිසි ලෙස හසුරවමින් "සොදුරු නිර්මාණශීලි දරුවන් අප පාසලේන් රටට දායාද කිරීම මාගේ වෑයමයි".මේ සදහා අවැසි පහසුකම් සලසමින් අවශ්‍ය මඟ පෙන්වීම හා සැලසුම් සකස් කර දරුවන් පූර්ණ පෞරුෂත්වයට බලපාන ශිෂ්‍ය සංවර්ධන විෂය සමගාමී,විෂය බාහිර ක්‍රියාකාරකම්,ගුරු සංවර්ධන වැඩසටහන් දියත් කරමින් 21 වන සියවසට ගැලපෙන දුවා දරුවන් බිහි කිරීම අපගේ බලාපොරොත්තුවයි..

 

ඒ.ඒ.එම්.එස්. අමරසිංහ මිය
නියෝජ්‍ය විදුහල්පති
මහ/කටු/අංකුඹුර පරාක්‍රම ජාතික පාසල..